Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණයෙන් අධිචෝදනා

හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේදී විරෝධතා පවත්වමින් පොදු දේපළට හානි කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට එරෙහිව අද (16) අධි චෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.

අනතුරුව ඔවුන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැඟින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව නියෝග කළා.

එමෙන්ම සියලුම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් වළක්වාලමින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

මෙම නඩුවේ තිස් පස්වන විත්තිකරු වන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහාධිකරණයේ නඩුවකට අද පෙනී සිටින බැවින් හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.