දිට්වා සුළි කුණාටුවෙන් එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ලවීමත් සමඟ එළවලු මිල ගණන්වල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.
ඒ, අනුව අද (28) දිනයේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රුපියල් 2000ක මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 1050ක මිලකටත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වනවා.
ඊට අමතරව බෝංචි කිලෝව රුපියල් 800 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 700 කටත්, කැරට් රුපියල් 200ක මිලකටත්, ලීක්ස් රුපියල් 240ක් වැනි මිලකටත් අලෙවි වන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




