අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර – ගල්කුලම ප්‍රධාන මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක් නිසා නිවෙසක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවිරිදි පුද්ගලයකු මන්නා පිහි ප්‍රහාරයට ලක්වී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා. සැකකාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා විසින් පසුගිය 6දා රාත්‍රියේ දරුණු මන්නා පිහි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කිසිවකුත් නොමැති නිවෙසේ මිදුලේ වැටී කෙඳිරිගාමින් සිටියදී මාර්ගයෙන් ගමන් කළ පුද්ගලයකුට කෙඳිරිලි හඬ ඇසී විපරම් කර බලද්දී තුවාලකරු හමුව ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව වහාම ඔහුව රෝහල්ගත කිරීමට එම පුද්ගලයා කටයුතු කර ඇත. ප්‍රහාරය සිදුකර සැඟවී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ප්‍රහාරය එල්ල කළ මන්නා පිහිය සමඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී 39 හැවිරිදි පුද්ගලයා සමඟ සවස මත්පැන් සාජ්ජයක් පැවැත් වූ බවත් පසුව බහින්බස් වී පොර ඇල්ලූ බවත් පවසා තිබිණි.

නිවෙසට වී රාත්‍රි ආහාරය ගනිද්දී ඔහුට පහරදිය යුතු බව සිතී මන්නා පිහිය රැගෙන තුවාලකරු සිටි නිවෙසට ගොස් ප්‍රහාරය එල්ල කර නිවෙසට පැමිණ ලේ තැවරුණු පිහිය සෝදා දැමූ බවත් පොලිසියට පවසා තිබිණි. සැකකරු එල්ල කළ ප්‍රහාරය නිසා තුවාලකරුගේ හිසට, අත්පා ඇතුළු ශරීරයේ ස්ථාන රැසකට දරුණු තුවාල සිදුව තිබෙන බවත් ඔහු නිදා සිටි ඇඳටත් දරුණු මන්නා පිහි ප්‍රහාර කිහිපයක් වැදී තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ඊයේ (8දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්‍ෂණ සිදුකරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?