අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු තිරප්පනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර – ගල්කුලම ප්‍රධාන මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක් නිසා නිවෙසක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි 39 හැවිරිදි පුද්ගලයකු මන්නා පිහි ප්‍රහාරයට ලක්වී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා. සැකකාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා විසින් පසුගිය 6දා රාත්‍රියේ දරුණු මන්නා පිහි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කිසිවකුත් නොමැති නිවෙසේ මිදුලේ වැටී කෙඳිරිගාමින් සිටියදී මාර්ගයෙන් ගමන් කළ පුද්ගලයකුට කෙඳිරිලි හඬ ඇසී විපරම් කර බලද්දී තුවාලකරු හමුව ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව වහාම ඔහුව රෝහල්ගත කිරීමට එම පුද්ගලයා කටයුතු කර ඇත. ප්‍රහාරය සිදුකර සැඟවී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ප්‍රහාරය එල්ල කළ මන්නා පිහිය සමඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී 39 හැවිරිදි පුද්ගලයා සමඟ සවස මත්පැන් සාජ්ජයක් පැවැත් වූ බවත් පසුව බහින්බස් වී පොර ඇල්ලූ බවත් පවසා තිබිණි.

නිවෙසට වී රාත්‍රි ආහාරය ගනිද්දී ඔහුට පහරදිය යුතු බව සිතී මන්නා පිහිය රැගෙන තුවාලකරු සිටි නිවෙසට ගොස් ප්‍රහාරය එල්ල කර නිවෙසට පැමිණ ලේ තැවරුණු පිහිය සෝදා දැමූ බවත් පොලිසියට පවසා තිබිණි. සැකකරු එල්ල කළ ප්‍රහාරය නිසා තුවාලකරුගේ හිසට, අත්පා ඇතුළු ශරීරයේ ස්ථාන රැසකට දරුණු තුවාල සිදුව තිබෙන බවත් ඔහු නිදා සිටි ඇඳටත් දරුණු මන්නා පිහි ප්‍රහාර කිහිපයක් වැදී තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා ඊයේ (8දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. අයි. බී. රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්‍ෂණ සිදුකරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09