අනියම් පෙමක් නිසා පුළුස්සා දැමුණු ජීවිතය – සැකකරුවන් පාංසුකූලෙත් දීලා

අනියම් ප්‍රේමයක් හේතුවෙන් 35 හැවිරිදි විවාහක දෙදරු පියෙකු ව සැලසුම්සහගතව ඝාතනය කර, පසුව ඔහුගේ ශරීරය පුළුස්සා දමා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කුලික්කඩ – මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ව සිටි නිශාන් බුද්ධික නමැති පුද්ගලයෙකු පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක් මත හටගත් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර දුනුමඬලෑව – ඇතෑව ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.

ඒ වනවිටත් මරණකරුගේ සිරුරට ටයර් දමා පුළුස්සා ඇති බවයි පොලිස් නිරීක්ෂණවල දී පෙනී ගොස් ඇත්තේ.

මේ පිළිබඳව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශන ආරම්භ කෙරුණා.

පසුව එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ව අනුරාධපුර – ලෝළුගස්වැව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදි පුත්තලම කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ශ්‍රී ලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම ඝාතකයින් විසින් මරණකරුගේ පාංසුකූල කටයුතු ද සිදු කර තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර පුළුස්සා තිබූ ස්ථානයේ අවට සිරුරේ සෙසු කොටස් ද විසිරී තිබියදී සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
8
+1
5
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?