අනියම් පෙමක් නිසා පුළුස්සා දැමුණු ජීවිතය – සැකකරුවන් පාංසුකූලෙත් දීලා

අනියම් ප්‍රේමයක් හේතුවෙන් 35 හැවිරිදි විවාහක දෙදරු පියෙකු ව සැලසුම්සහගතව ඝාතනය කර, පසුව ඔහුගේ ශරීරය පුළුස්සා දමා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කුලික්කඩ – මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි ව සිටි නිශාන් බුද්ධික නමැති පුද්ගලයෙකු පවත්වාගෙන ගිය අනියම් සබඳතාවක් මත හටගත් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර දුනුමඬලෑව – ඇතෑව ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.

ඒ වනවිටත් මරණකරුගේ සිරුරට ටයර් දමා පුළුස්සා ඇති බවයි පොලිස් නිරීක්ෂණවල දී පෙනී ගොස් ඇත්තේ.

මේ පිළිබඳව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශන ආරම්භ කෙරුණා.

පසුව එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ව අනුරාධපුර – ලෝළුගස්වැව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදි පුත්තලම කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ශ්‍රී ලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම ඝාතකයින් විසින් මරණකරුගේ පාංසුකූල කටයුතු ද සිදු කර තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර පුළුස්සා තිබූ ස්ථානයේ අවට සිරුරේ සෙසු කොටස් ද විසිරී තිබියදී සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
8
+1
5
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03