අන්සතු පාස්පෝට් එකකින් රට පනින්න හැදූ තරුණයෙක් අල්ලයි

වෙනත් පුද්ගලයෙකුට අයත් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඔස්ට්‍රියාවේ – වියානා නුවර වෙත පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමණි ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු 39 හැවිරිදි යාපනය – තෙලිප්පලෙහි පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ දී ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. – 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට ඔස්ට්‍රියාවේ වියානා නුවර වෙත යාමටයි මෙම ගුවන් ගමන සැලසුම් කර සිට ඇත්තේ.

මෙම තරුණයා ගුවන් සේවා සියලුම නිෂ්කාශන කටයුතු නිම කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ විගමන ප්‍රදේශය වෙත පැමිණ සිටි අතර, ඔහු පිළිබඳ ඇති වු සැක කටයුතු හැසිරීම මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොහුගේ ලියකියවිලි වැඩිදුරටත් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම ඔස්ට්‍ර්යා ගමන් බලපත්‍රය තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 90ක් ලබා දී සකස් කර ගෙන ඇති බවත්, ඔහුගේ ගමන් මල්ලේ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සහ කූඨ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනුණා.

සැකකරු ගැන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?