අන්සතු පාස්පෝට් එකකින් රට පනින්න හැදූ තරුණයෙක් අල්ලයි

වෙනත් පුද්ගලයෙකුට අයත් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඔස්ට්‍රියාවේ – වියානා නුවර වෙත පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමණි ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු 39 හැවිරිදි යාපනය – තෙලිප්පලෙහි පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේ දී ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. – 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට ඔස්ට්‍රියාවේ වියානා නුවර වෙත යාමටයි මෙම ගුවන් ගමන සැලසුම් කර සිට ඇත්තේ.

මෙම තරුණයා ගුවන් සේවා සියලුම නිෂ්කාශන කටයුතු නිම කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ විගමන ප්‍රදේශය වෙත පැමිණ සිටි අතර, ඔහු පිළිබඳ ඇති වු සැක කටයුතු හැසිරීම මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොහුගේ ලියකියවිලි වැඩිදුරටත් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම ඔස්ට්‍ර්යා ගමන් බලපත්‍රය තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 90ක් ලබා දී සකස් කර ගෙන ඇති බවත්, ඔහුගේ ගමන් මල්ලේ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සහ කූඨ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනුණා.

සැකකරු ගැන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20