logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අනතුරුවලින් දිනකට 32 දෙදෙනකු වාට්ටුවට – සෞඛ්‍ය අංශවලින් හෙළිදරව්වක්

රට තුළ දෛනික ව සිදු වන අනතුරුවලින් තුවාල ලබා දිනකට අවම වශයෙන් පුද්ගලයින් 32 දෙදෙනකු රෝහල්ගත කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම අනතුරුවලින් වාර්ෂිකව ජීවිත 12,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි නවතම නිකුත් කරන ලද දත්ත වාර්තා අනුව දැක්වෙන්නේ.

එමෙන්ම මෙරට සිදුවන මරණවලින් විශාල ප්‍රමාණයක් ම හදිසි අනතුරු හේතුවෙන් සිදුවන බවට ද සොයාගෙන තිබෙනවා.

ජුලි මස 01 වැනි දා සිට එළඹෙන 07 වැනි දා තෙක් ජාතික තුවාල නිවාරණ සතියට සමගාමීවයි මෙම නව දත්ත නිකුත් කර ඇත්තේ.

මෙම හදිසි අනතුරුවලට බොහෝ අවස්ථාවල දී ලක් වන්නේ වයස අවුරුදු 15ත් 44ත් අතර වයසෙහි පසුවන්නන් බවට ද හෙළි ව තිබෙනවා.

සිදු කරන ලද සමීක්ෂණය අනුව හෙළි ව ඇත්තේ මෙරට රෝහල් පද්ධතියට රෝගීන් ලෙස ඇතුළත් වීමේ දී හදිසි අනතුරු මගින් සිදුවන අනතුරු ස්ථානගතව ඇත්තේ එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ බවටයි.

අනතුරුවලින් සිදුවන මරණ, සංකූලතා අවම කරගැනීමට විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?