හිරුණිකා අවුරුදු 03කට සිපිරිගෙට – අධිකරණයෙන් තීන්දුවක් (වීඩියෝ)

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් අද (28) තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර කරනු ලැබුවහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන්.

නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බවයි.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළා.

විත්තිකාරිය සිදුකර ඇති වරදෙහි ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසුවා.

විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳසැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල් ආරවුල් විසඳීමට කටයුතු කිරීම සුළුවෙන් තැකිය නොහැකි කරුණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහජනයා විශ්වාසය තබා තෝරා පත් කරන ලද තැනැත්තියක් මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් කියා සිටියා.

මෙය ඉතා බරපතළ කරුණක් වන අතර මෙය විත්තිකාරිය බන්ධනාගාරගත කළ යුතු වරදක් යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා එම දඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීම නුසුදුසු බවත් සඳහන් කර සිටියා.

විත්තිකාරිය වරදක් සිදු කළ බව ඇයට ඒත්තු ගැන්විය යුතු වන ආකාරයේ මෙන්ම ඒ පිළිබඳ ව සමාජය දැනුවත් වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට ලබාදිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ දැන් දුන්නා.

එසේම යම් පුද්ගලයකු මෙම විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වන්නේ නම් සහ නීත්‍යානුකූලව ජීවත් වන අයට නීතියේ රැකවරණය ලැබෙන බව ඇඟවෙන ආකාරයේ දඬුවමක් මෙම විත්තිකාරයට ලබාදිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකාරියට අවුරුදු 03, 04 සහ 05 යන වයස්වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බවත් ඇය බන්ධනාගාරගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දුන්නා.

එබැවින් විත්තිකාරිය බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මෙම තීන්දුවට එරෙහි ව විත්තිකාරිය අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥයන්ට මැද්දේගොඩ මහතා අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවනවා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි ව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18