20-20 ලෝක කුසලාන කණ්ඩායම නම් කෙරේ

අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දියාවට මෙවර ශූරතාව දිනා දුන් රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර, තරගාවලියේ වීරයා වූ ජස්ප්‍රිත් බුම්රා ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් හයදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්.

ඊට අමතරව ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනෙක් බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් ඇතුළත් වනවා.

අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම පහතින්.

රෝහිත් ෂර්මා – ඉන්දියාව
රහ්මානුල්ලා ගුර්බාස් – ඇෆ්ගනිස්ථානය
නිකලස් පූරන් – බටහිර ඉන්දීය කොදෙව්
සූර්යකුමාර් යාදව් – ඉන්දියාව
මාක්ස් ස්ටෝයිනිස් – ඕස්ට්‍රේලියාව
හර්දික් පාණ්ඩ්‍යා – ඉන්දියාව
අක්ෂා පටෙල් – ඉන්දියාව
රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථානය
ජස්ප්‍රිත් බුම්රා – ඉන්දියාව
අර්ෂ්දීප් සිංහ් – ඉන්දියාව
ෆසාල්හක් ෆාරුකි – ඇෆ්ගනිස්ථානය