පියුමිගේ වත්කම් සෙවූ සංජය මහවත්ත අත්අඩංගුවට

‘මගෙන් රටට ව්‍යාපාරයේ ‘ සභාපති සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ දී ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් මත මොහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව ගැන කෙහෙළිය ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමා කිරීම ගැන සංජය මහවත්ත ඇතුළු පිරිස මින් කලකට ඉහත විශාල සටනක් ගෙන ගිය පිරිස අතර වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගැසීමේ සිද්ධියක් නිසා මාස කිහිපයකට පෙර ද මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණා.

පසුගිය දිනවල නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් සැකයක් ඇති බවට ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ද සංජය මහවත්ත යි.

ඔහුගේ පැමිණිල්ල නිසා ඒ සම්බන්ධයෙන් ද මේ වනවිට (28) විමර්ශන පැවැත්වෙනවා.

පියුමි හංසමාලි මහත්මියගේ රූපලාවන්‍ය ආලේපන බෙදා හරින ලද කුරියර් සේවා සමාගමේ නිලධාරින් 04 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර පියුමි හංසමාලිගෙන් ඉදිරි දිනක ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය පැවසුවා.

මෙවන් පසුබිමකදියි සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන ඇත්තේ.

  1. වංචනිකයන් අල්ලන්න තොරතුරු දෙන එකා අල්ලන එක තමයි අපේ රටේ සිස්ටම් එක. ඒකනෙ කෙලවිලා තියෙන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18