දරුණු ගණයේ අපරාධකරුවන් 20ක් හිරෙන් පනී

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ රාවලකොට් බන්ධනාගාරයෙන් ත්‍රස්තවාදීන් සහ මිනීමරුවන් ඇතුළු භයානක සිරකරුවන් 20 දෙනෙකු පලා ගොස් තිබෙනවා.

පලාගිය 20 දෙනා අතර ත්‍රස්ත චෝදනා යටතේ සිරගතව සිටි තිදෙනෙක් සිටින අතර මිනීමැරීම් හා සම්බන්ධ අපරාධකරුවන් අට දෙනෙක් සිටින බව හඳුනා ගෙන ඇතැයි ANI වාර්තා කළා.

පලා ගිය එක් සිරකරුවෙක් වන ෂාසාඩ්, පසුගිය වසරේ G20 සමුළුවට බාධා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට තර්ජනය කළ හිටපු පාකිස්තාන හමුදා සෙබළෙකු බව පුවත් වාර්තාවේ සඳහන්.

ෂාසාඩ්, ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් සඳහා තරුණ තරුණියන් බඳවා ගන්නා බව පැවසෙන, අලුතින් පිහිටුවන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන ජන්බාස් බලකායේ නායකයෙකු ලෙස ද සැලකනෙවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පරිපාලනය විසින් ප්‍රාන්ත පොලිස්පතිවරයා සේවයෙන් පහ කර ආරක්ෂක නිලධාරීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේම සේවය අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23