අවසන් මහා තරගයේ SKY රැකගත් තීරණාත්මක උඩ පන්දුව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව තියුණු අවසන් මහා තරගයකින් පසු දිනාගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ අවසන් පන්දුවාරය තෙක් වැඩි වාසි දකුණු අප්‍රිකාව දෙසට දෝලනය වූ අතර, අවසන් පන්දුවාරයේ දී සූර්යකුමාර් යාදෙව් විසින් විශිෂ්ට ලෙස රැකගත් ඩේවිඩ් මිලර්ගේ උඩ පන්දුව ඉන්දීය ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වුණා.

හතරේ සීමාව ආසන්නයේ සිට රක ගන්නා උඩ පන්දුව සම්බන්යෙධන් මේ වන විට යම් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝවක් හේතුවෙන්.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ සූර්යකුමාර් විසින් එම උඩ පන්දුව රැකගෙන පන්දුව අතේ රැඳී තිබෙන අවස්ථාවේ දී ඔහුගේ එක් පාදයක් හතරේ සීමාවේ ස්පර්ශවන ආකාරයයි.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකේම ප්‍රේක්ෂකයින් තම කණ්ඩායම්වලට පක්ෂග්‍රාහී ලෙස අදහස් දක්වා ඇති ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර සූර්යකුමාර් විසින් රැකගත් මෙම උඩ පන්දුව සිවසේ උඩ පන්දුවක් ලෙස හැඳින්විය හැකි බවයි විස්තර විචාරකයින් සඳහන් කළේ.

එම උඩ පන්දුවේ වීඩියෝව පහතින්.

  1. කොහොමත් මුල් ඉඳලම ඉන්දියාවට දිනන්න පුලුවන් විදියට තමයි සියල්ල සකස් කරල තිබුණෙ.ඇමරිකානු තණතිළි වෙනස්ම ක්‍රමයකට හදල තිබුනෙ.ඒ ගත්ත උඩ පන්දුවක් කෝණ දෙකකින් විතරක් අරගෙන තුන්වන විනිසුරු තීරණය දුන්නෙ.හොඳට පෙනුන සීමාව පෑගෙනවා කියල.ඉන්දියාවෙ සල්ලි වලට ICC ඒකත් යටවෙලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22