ශ්‍රීලනිප: යේ මහලේකම් මමයි – දයාසිරිගෙන් පාර්ලිමේන්තුවට ලිපියක් (නිවේදනය)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අනීතික ව ඉවත් කර ඇති බවට පාර්ලිමේන්තුවට දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ සභාපති නිමල් සිරිපාල විසින් ඔහුගේ නිල මුද්‍රාව සහ අත්සන යටතේ මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙනත් නව පක්ෂවල නායකත්වය ගෙන කටයුතු කරන බවත්; එසේ පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ ව මැතිවරණ සඳහා සූදානම් විය නොහැකි බව ද දන්වමිනුයි අදාළ ලිපිය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට යොමු කළේ.

නමුත් අද දිනයේ පක්ෂ සාමාජිකත්වය තහනමකට ලක් වූ දයාසිරි ජයසේකර විසින් විශේෂ ලිපියක් පාර්ලිමේන්තුව වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ; අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් එවන ලැබුවා යැයි මාධ්‍යය මගින් ප්‍රචාරය එවූ ලිපියක් කිසිදු අයුරකින් තමන් වෙත නොලැබුණු බවයි.

එමෙන්ම ශ්‍රීලනිප සභාපති පවසන ආකාරයෙන් තමන් කිසිදු වෙනත් පක්ෂයක සාමාජිකත්වයක් ගෙන නොමැති බව ද ලිපියේ සඳහන්.

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වූ මාස 10ක කාලය තුළ තමන් විසින් පක්ෂ 23ක ආරාධනයෙන් සිදු කළ දේශපාලන ක්‍රියාදාමයක නායකත්වයෙ ගෙන කටයුතු කළ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් කිසිදු පක්ෂයක නිල වශයෙන් සාමාජිකත්වයක් ගෙන නොමැති බවයි මන්ත්‍රී දයාසිරි ජයසේකර සිය ලිපිය මගින් අවධාරණය කරන්නේ.

එමෙන්ම නිමල් සිරිපාල ද සිල්වා යනු ශ්‍රීලනිප යේ අනීතික සභාපතිවරයෙකු මිස නීත්‍යානුකූල සභාපතිවරයා නොවන බව එම ලිපියේ සඳහන් කරන මන්ත්‍රී ජයසේකර සඳහන් කරන්නේ; ඊයේ දිනයේ දී දිසා අධිකරණය විසින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවත්, පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් නඩුව අවසාන වන තුරු කටයුතු කිරීමට නියෝගයක් ලබා දී ඇති බව ද සඳහන් කර තිබෙනවා.

එම තීන්දුවට අනුව එවකට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය ලේකම්, සරත් ඒකනායක සහ පක්ෂයේ සියලු සාමාජිකයින් සහ ඔවුන්ගේ සේවකයින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පාර්ලිමේන්තුවට යොමු කළ ලිපියේ සඳහන්.

එබැවින් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු නීත්‍යානුකූල සභාපතිවරයෙකු නොමැති අතර ලේකම්වරයෙකු ලෙස අධිකරණය විසින් පත් කරනු ලැබ ඇත්තේ තමන් පමණක් බව ද එම ලිපියේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ඇමති තනතුරු වරප්‍රසාදවලට මුවාවෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට කියැවෙන පුවත කූඨ උපායක් බව ද මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙනවා.

එබැවින් එම වංචනික ක්‍රියාවලට නො හසුවී පක්ෂය රැක ගනිමින් රට සුරැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන ලෙසටයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58