චීන සංක්‍රමණිකයන් තොගයක් ඇමෙරිකාවෙන් පිටුවහල් කරයි

චීන සංක්‍රමණිකයන් 116 දෙනෙක් පිටුවහල් කළ බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

වසර පහක් තුළ විශාලතම පිටුවහල් කිරීම මෙයයි .

“අපි අපගේ සංක්‍රමණ නීති දිගටම ක්‍රියාත්මක කරන අතර එක්සත් ජනපදයේ රැඳී සිටීමට නීතිමය පදනමක් නොමැති පුද්ගලයින් ඉවත් කරන්නෙමු” යනුවෙන් ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“අක්‍රමවත් සංක්‍රමණය අඩු කිරීමට සහ වැළැක්වීමට සහ පුළුල් වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයන් හරහා නීතිවිරෝධී මිනිස් ජාවාරම් කඩාකප්පල් කිරීමට” චීනය සමඟ කටයුතු කරන බව දෙපාර්තමේන්තුව පැවසුවා.

සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ කොපමණ කාලයක් සිටියා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර නැහැ.

පසුගිය වසරේ එක්සත් ජනපදය මෙක්සිකෝවේ සිට නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වන චීන සංක්‍රමණිකයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් නිරීක්ෂණය කරනවා.

එක්සත් ජනපද දේශසීමා නිලධාරීන් 2023 දී දකුණු දේශසීමාවේ දී චීන ජාතිකයන් 37,000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය පෙර වසරේ එම සංඛ්‍යාව මෙන් 10 ගුණයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20