ක්‍රිකට් ලොව දිනූ ඇෆ්ගනිස්ථානයට ඉන්දියාව දුන් උදව් හෙළිවෙයි

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ICC ඉසව්වක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.

බංග්ලාදේශය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ඇෆ්ගනිස්ථානය තරගාවලියේ දී නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව ද පරාජය කළා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නව සන්ධිස්ථානයකට ළඟා වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ධාරිතා සංවර්ධනයේ දී දිල්ලි නගරය විසින් ලබාදුන් සහාය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඉන්දියාවට ස්තූතිය පළ කර තිබෙනවා.

WION ට අනුව, තලෙයිබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රධානී, සුහයිල් ෂහීන් පැවසුවේ, “ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ ධාරිතා ගොඩනැගීමට ඉන්දියාව අඛණ්ඩව උපකාර කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අපි එය ඇත්තෙන්ම අගය කරනවා.පසුගිය වසර කිහිපයේ සිට ඉන්දියාව, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දීය ක්‍රීඩාංගණවල ක්‍රීඩකයින්ට පුහුණුව ලබාදීම, ඉන්දීය සමාගම්වල අනුග්‍රහය ලබාදීමෙන් ධාරිතා වර්ධනයක් ලබා දී ඇත.’’ යනුවෙනි.

ඩොලර් මිලියනයක ප්‍රදානයකින් කන්දහාර් ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට ද දිල්ලිය සහය වුණා.

2018 දී ඇෆ්ගනිස්තානය ටෙස්ට් තරගයක් පළමුවරට ක්‍රීඩා කළේ ද ඉන්දියාව සමගයි.

රෂීඩ් ඛාන්, මෙහොමඩ් නබී, මුජීබ් උර් රහ්මාන්, රහ්මනුල්ලා ගුර්බාස් වැනි ඇෆ්ගන් ක්‍රීඩකයින් IPL නිත්‍ය ක්‍රීඩකයින් වී සිටිනවා.

භෞතික යටිතල පහසුකම් පමණක් නොව, BCCI විසින් ඇෆ්ගන් කණ්ඩායම සඳහා Home Ground ලෙස ග්‍රේටර් නොයිඩා හි ෂහීඩ් විජේ සිං පාතික් ක්‍රීඩා සංකීර්ණය ද ලබා දුන්නා.

එමෙන්ම ඩෙහ්රාඩුන් හි තවත් ක්‍රීඩාංගනයක් ලබා දී තිබෙනවා.

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා ග්‍රේටර් නොයිඩා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට ඇෆ්ගනිස්ථානයට BCCI අවසර ලබාදී තිබීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
42
+1
5
+1
50
+1
7
+1
5
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58