AFC Banner
AFC Banner
Empty Ad

අධිකරණ නියෝග කඩ කළා යැයි චෝදනා ලැබූ ළහිරු වීරසේකර සහ හිමිනමක් නිදහස් කෙරේ

සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2017 ඔක්තෝම්බර් මස 10 වැනිදා සිදු කළ උද්ඝෝෂණයක දී අධිකරණ නියෝග කඩ කළ බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (16) නියෝග කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නිකුත් කළ පිටු 11 යුතු නියෝගය කියවමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?