අධිකරණ නියෝග කඩ කළා යැයි චෝදනා ලැබූ ළහිරු වීරසේකර සහ හිමිනමක් නිදහස් කෙරේ

සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2017 ඔක්තෝම්බර් මස 10 වැනිදා සිදු කළ උද්ඝෝෂණයක දී අධිකරණ නියෝග කඩ කළ බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (16) නියෝග කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නිකුත් කළ පිටු 11 යුතු නියෝගය කියවමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ගිහින් විකිණූ හැටි
01:21
Video thumbnail
අධික වේගයෙන් ගිය ප්‍රයිවට් බස් එක ලංගම බසයක ගැටෙයි
00:56
Video thumbnail
බොරුවට රඟපාන්න එපා - පලවත්තට ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
07:51
Video thumbnail
පැලවත්තේ කණ්ඩායමක් තමයි මල්වානට ගිහිල්ලා තියෙන්නේ
04:10
Video thumbnail
මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ - වැඩ්ඩෝ ඉන්න සජබයට බලය දෙන්න
16:24
Video thumbnail
අද ආයෝජකයන් බයවෙලා - රට නැවත විනාශ කරන්න එපා
10:46
Video thumbnail
අන්තරේ සෙට් එක දැඩි තීන්දුවක් ගනී - සාකච්ඡාව ගැන අසාර්ථක වුණොත් කරන්න යන දේ
06:19
Video thumbnail
මහින්ද රාජපක්ෂට කිසිම ලෙඩක් නෑ - ඉලංදාරියෙක් වගේ ඉන්නවා
09:30
Video thumbnail
ගෝඨා ගිය පාරේමයි යන්නේ - ඊට වඩා ලොකු කෑමක් කන එක ෂුවර්
12:26
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු කෙනා උසාවියට - 29 දක්වා රිමාන්ඩ්
00:49