AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලිය වැඩිපුර පැයක් කැපෙන හැඩක්….

අද දිනයේදී පී සිට ඩබ්ලිව් දක්වා කලාපවලට තවත් අමතර පැයක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව එම කලාප 08 ට අද පෙරවරු 09 සිට පස්වරු 03 දක්වා තවත් අමතර පැයක කාලයක් විදුලිය කපා හැරෙනු ඇති.

මෙම කලාපවලට අද දිනයේදී විදුලිය කපා හැරීමට නියමිත වූයේ සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකක විදුලිය කප්පාදුවක් පමණයි.

කෙසේවෙතත් සති අන්තයේ අධික විදුලි ඉල්ලුම හමුවේ අමතර පැයක් විදුලිය කපා හැරීමට සිදුවී තිබෙනවා.

ඒ සිට එල් දක්වා ප්‍රදේශවලට පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය දෙකයි විනාඩි 15 කුත්, සවස 05.30 සිට රාත්‍රී 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් බැගින් අද විදුලිය කප්පාදු කිරීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?