අද විදුලිය වැඩිපුර පැයක් කැපෙන හැඩක්….

අද දිනයේදී පී සිට ඩබ්ලිව් දක්වා කලාපවලට තවත් අමතර පැයක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව එම කලාප 08 ට අද පෙරවරු 09 සිට පස්වරු 03 දක්වා තවත් අමතර පැයක කාලයක් විදුලිය කපා හැරෙනු ඇති.

මෙම කලාපවලට අද දිනයේදී විදුලිය කපා හැරීමට නියමිත වූයේ සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකක විදුලිය කප්පාදුවක් පමණයි.

කෙසේවෙතත් සති අන්තයේ අධික විදුලි ඉල්ලුම හමුවේ අමතර පැයක් විදුලිය කපා හැරීමට සිදුවී තිබෙනවා.

ඒ සිට එල් දක්වා ප්‍රදේශවලට පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය දෙකයි විනාඩි 15 කුත්, සවස 05.30 සිට රාත්‍රී 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් බැගින් අද විදුලිය කප්පාදු කිරීමට ද නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38