අද පස්වරු 04.00න් පසුව දිස්ත්‍රික්ක 04කට වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 04.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (15) පස්වරු 02.00ට කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබෙනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල හෙට (16) අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?