උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (13) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
තවද සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





