spot_imgspot_img

හේමසිරි සහ පූජිත් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිගේ අභියාචනා පෙත්සම්වල තීන්දුව කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල් තැබුවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පෙත්සම් දෙක ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ පිරිසක මඩුල්ලක් ඉදිරියේයි විභාග කෙරුණේ.

මෙම පෙත්සම්වලට අදාළව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්හි වාචික දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුණා.

ඉන් අනතුරුව එම අභියාචනා පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?