හෘද රෝග හා වකුගඩු රෝගීන්ට ගෙවන ජනාධිපති අරමුදලේ ගෙවීම් 100%කින් ඉහළට

හෘද රෝගවලින් සහ වකුඩගු රෝගවලින් පෙළෙන රෝගීන් හට සිය ඖෂධ කටයුතු සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රියාවලියේ දී ජනාධිපති අරමුදල යටතේ ද ඊට මුදලක් වෙන් වනවා.

එම මුදල් ප්‍රමාණය සියයට සියයකින් ඉහළ දැමීමටයි රජය තීරණය කර ඇත්තේ.

රජයේ මෙම තීරණය පිළිබඳ ව අදහස් පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ අදාළ රෝගීන්ගේ අයදුම්පත මුදල් අමාත්‍යාංශය වෙත ලැබී සතියක් තුළ සියලු ම ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන බවයි.

මීට පෙර මෙම රෝගීන් සඳහා 50%ක් ජනාධිපති අරමුදලින් ආවරණය කළ අතර 2022 වර්ෂයේ අගෝස්තු මාසය වන විට මෙම සැත්කම් සඳහා අයදුම්පත් 8,000කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

එබැවින් රජයට යොමු වන සියලු ම අයදුම්පත් කෙරෙහි සලකා බලමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපදාන ලබාදීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කෑගල්ලේ පැවති ජන හමුවක් අමතමින් පැවසුවේ.

ජනාධිපති අරමුදලින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 116,000කට ශිෂ්‍යාධාර ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් අනාගත පරපුර වෙනුවෙන් කරන මෙම ආයෝජනය රටේ ඉදිරි ගමනට සාධනීය සාධකයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මීට වසර දෙකකට පෙර විවිධ සෞඛ්‍ය හේතූන් මත විශේෂයෙන්; හෘද සැත්කම් සඳහා ආධාර අවශ්‍ය පුද්ගලයින් සඳහා ජනාධිපති අරමුදලින් මුදල් නිදහස් කිරීමට බොහෝ කාලයක් ගත වුව ද ඉදිරියේ දී එම තත්ත්වය වෙනස් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා දැනුම්දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56