හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට ගම්පහ මහාධිකරණය ඇප නියමකර තිබෙනවා.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම අද (30) යළිත් සලකා බලනු ලැබුවා.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවා.

එහිදී ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතුබව ඇප කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40