හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ද්‍රවිඩ ජාතික සන්ධාන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් යාපනය – චාවකච්චේරි, තනංකිලිප්පු, අරුකුවේලි ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ 51 හැවිරිදි සුබ්‍රමිණියම් සිවපාලන් නමැත්තෙක් බවයි චාවකච්චේරි පොලීසිය සඳහන් කළේ.

මන්ත්‍රීවරයා නිවසේ තනිවම ජීවත්ව සිට ඇති අතර මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

දින කිහිපයකට පෙර ඔහු මිය ගොස් ඇති බවයි මූලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට ඇති අතර පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?