හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශය ලබාදීමට අද (22) පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු විසින් රජයේ මුදල් භාවිත කරමින් සිදුකරන ලද පුද්ගලික විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම් සඳහා ඔහු අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය හතර හමාරක පමණ කාලයක් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තා.

  1. වැරදි දූෂණ ඔප්පුවේනම් හිරේ විලංගුවේ වැටෙන්නේ ඔහු විතරක් නොවේ සැමට නීතිය එකයි ඉස්සර සෙල්ලම් දැන් දාන්න බෑ කියලා තමයි කියන්න වෙන්නේ 😊



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39