හිටපු ජනපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට (වීඩියෝ)

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත වූ මාස 11ක කාලය තුළ රුපියල් මිලියන 1,448ක් වියදම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.

අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ගත වූ මාස 11 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් මිලියන 710ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ඔහු අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මිලියන 207ක වැය බරක් ද දැරීමට සිදුව ඇති බවට අනාවරණය කළා.

ඊට අමතරව පසුගිය මාස 11 තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රුපියල් මිලියන 307ක වැය බරක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රුපියල් මිලියන 82ක වැය බරක් දරා ඇති බවත්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වෙනුවෙන් මිලියන 112ක වියදමක් දැරීමට සිදුව ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වෙනුවෙන් මිලියන 32ක මුදලක් මෙම කාලය තුළ ආරක්ෂාව සඳහා දරා ඇති බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට අනාවරණය කළේ.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව ද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

ඒ, අනුව හිටපු ජනපතිවරුන් සඳහා පොලිස් ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සිදුකළ තක්සේරුව පදනම් කරගෙන රජය මෙම තීරණයට එළඹ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25