Empty Ad
Empty Ad
AFC Banner

රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය පයිප්ප ගොඩගසා රජයට පාඩු කළ කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට චෝදනා කියවා දෙයි

2015 වර්ෂයේ ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවක දී කිසිදු අවශ්‍යතාවක් නොමැති විටක දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ගොඩනැගිල්ලකට රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කරමින් ‘GI’ බට 600ක් මිල දී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන එවකට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ගොනු කරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවේ කියවා දීම සිදු කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙම නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති බවත්ෙය අද (25) දිනයේ දී කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි බවයි.

එවකට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ සහ රූපවාහිනී සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවෝ බව ද වාර්තා වනවා.

අනතුරුව අධිකරණ නියෝගය යටතේ මහාධිකරණ භාෂා පරිවර්තක විසින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ අඩංගු චෝදනා 04ක් මෙහිදී කියවා දුන් බවයි.

එම අවස්ථාවේ දී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයින් අදාළ චෝදනාවට නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ පැමිණිල්ලේ නම්කර ඇති සිව්වැනි සාක්ෂිකරු වන රූපවාහිනී සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සනත් ශ්‍රියන්ත දරුණුවර්ධන මහතාව කැඳවා සාක්ෂි ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව අදාළ සිව්වැනි සාක්ෂිකරු මේ මොහොතේ අධිකරණය හමුවේ සිය සාක්ෂි ලබාදෙමින් සිටින බව දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සුනේ සුන්.. ජෝසප් ස්ටාර්ලින්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
06:04
Video thumbnail
මම ලාල්කාන්ත - රිලවුන්ට වැඩේ දෙනවා - ඒක ස්ථිරයි
04:57
Video thumbnail
ඇස් උඩ යන මිලකට අලෙවි වුණ මැණික මෙන්න
09:37
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවකට සජබය අත්සන් කරයි
07:54
Video thumbnail
සහල් ඒකාධිකාරිය බිඳිනවා කිව්වා - ඒ කාලේ ජනාධිපතිට කොන්දක් නෑ කිව්වා
04:59
Video thumbnail
හොරෙන්ම ඇවිත් ඇට ගලවන් යන හැටි මෙන්න
08:05
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත පෙන්වන එක වැඩි ඈතක නෙවෙයි - සිඟිති ආතල් පෙන්වන්න ලෑස්ති වෙන්න එපා
04:02
Video thumbnail
ඇඬූ කඳුලින් මහින්ද රාජපක්ෂගේ - ආරක්ෂකයින් 116දෙනා පිටව යයි - මේවා Media Show නෙවෙයි හොඳේ
02:23
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ ජීවිතය අනතුරේ - ආණ්ඩුව මේ මොන බිල්ලකටද ලෑස්ති වෙන්නේ
05:14
Video thumbnail
Breaking News🛑ජනාධිපතිගෙන් හදිසියේ විශේෂ නිවේදනයක් #akd #npp #anurakumaradissanayake
03:04

?