රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය පයිප්ප ගොඩගසා රජයට පාඩු කළ කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට චෝදනා කියවා දෙයි

2015 වර්ෂයේ ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවක දී කිසිදු අවශ්‍යතාවක් නොමැති විටක දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ගොඩනැගිල්ලකට රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කරමින් ‘GI’ බට 600ක් මිල දී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන එවකට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ගොනු කරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණය හමුවේ කියවා දීම සිදු කෙරුණා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙම නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති බවත්ෙය අද (25) දිනයේ දී කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් තිදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි බවයි.

එවකට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමලසේන රූබසිංහ සහ රූපවාහිනී සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ චන්ද්‍රපාල ලියනගේ යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවෝ බව ද වාර්තා වනවා.

අනතුරුව අධිකරණ නියෝගය යටතේ මහාධිකරණ භාෂා පරිවර්තක විසින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ අඩංගු චෝදනා 04ක් මෙහිදී කියවා දුන් බවයි.

එම අවස්ථාවේ දී විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයින් අදාළ චෝදනාවට නිවැරදිකරු බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අධිකරණය නියෝග කළේ පැමිණිල්ලේ නම්කර ඇති සිව්වැනි සාක්ෂිකරු වන රූපවාහිනී සංස්ථාවේ හිටපු අලෙවි අධ්‍යක්ෂ සනත් ශ්‍රියන්ත දරුණුවර්ධන මහතාව කැඳවා සාක්ෂි ලබා ගන්නා ලෙසයි.

ඒ අනුව අදාළ සිව්වැනි සාක්ෂිකරු මේ මොහොතේ අධිකරණය හමුවේ සිය සාක්ෂි ලබාදෙමින් සිටින බව දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09