හාල් හැංගූ වෙළෙඳුන්ට අධිකරණයෙන් නියෝගයක්

එළඹෙන උත්සව සමයේ විකිණීම සඳහා ගබඩා කර තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන හාල් කිලෝග්‍රෑම් 7490 අදාළ විත්තිකරුවන්ට නිදහස් නොකරන්නේ නම්; එම සහල් අලෙවි කර අදාළ මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළා.

කොළඹ යෝන් වීදියේ වෙළෙඳසැල් හිමියෙකු වන ජුම්ෆර් නමැත්තකු සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති ‘සඳුන් කීරි’ සම්බා කිලෝග්‍රෑම් 05 ඇසුරුම් 598ක් හා කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියෙකු වන රාම්සාන් නමැත්තෙකු සතුව තිබියදී අත්අඩංගුවට ගෙන ඇති ‘අරලිය ප්‍රිමියම්’ සහල් කිලෝග්‍රෑම් 900 සම්බන්ධයෙන් එසේ නියම කෙරුණා.

තම අධිකාරිය වෙත ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී එම සහල් තොගය අත්අඩංගුවට ගත් බව ද එම අධිකාරිය අධිකරණයට දැනුම්දුන්නා.

විත්තිකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී එම සහල් තොගය එළඹෙන උත්සව සමයේ දී විකිණීම සඳහා සූදානම් කර තිබූ බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18