හයි කැපෑසිටි බයික් ලියාපදිංචියට අවසර ලැබුණු බවට පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මෙරට තුළ ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ලියාපදිංචිය සඳහා අනුමැතිය හිමිව ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යනවා.

මේ සම්බන්ධයෙන් අප මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහගෙන් විමසීමක් කර සිටියා.

එහිදී කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Image 2024 04 08 at 1.19.13 PM


අපගේ නවතම වීඩියෝ පුවත්