ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව මඟින් අද (22) දහවල් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව, සබරගමුව, මධ්‍යම පළාත් සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්