20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ඉලක්කයක්

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 216ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ස්මෘති මන්දනා ඉන්දීය ඉනිම වෙනුවෙන් ලකුණු 79ක් රැස්කළ අතර, ආරම්භක පිතිකාරිනි ෂෆාලි වර්මා ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අමතරව රිචා ඝෝෂ් පන්දු 22ක් තුළ ලකුණු 49ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කරනු ලැබුවා.

පන්දු යැවීමේ දී සුගන්ධිකා කුමාරි, කවිෂා දිල්හාරි සහ චමෝදි ප්‍රබෝධා අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනාගැනීම වෙනුවෙන් පන්දු 120ක් තුළ ලකුණු 217ක ඉලක්කයක් හිමිව තිබෙනවා.