2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පතට පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝම්බර් මස 07 වන දින සිදුකිරීමට නියමිත අතර, එය දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 12 වනදා සිදුකිරීමට නියමිතයි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වන දින සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර, කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.
2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් 4,992,773,388,000 (හාරදහස් නවසිය අනූදෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසයි) වශයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.













