අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ, සීලාලංකාර මාවතේ ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.
මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘හබරකඩ කසුන්’ නැමැත්තාගේ මස්සිනා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
හෝටල් හිමිකරුවෙක් බව කියන 26 හැවිරිදි එම පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.













