ඇමති ලාල්කාන්තගේ මස්සිනා මුදල් වංචාවකට අත්අඩංගුවට

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ මස්සිනා වන සුසන්ත සුදර්ශන නමැත්තා, කෑගල්ල වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෑගල්ල, සමඟි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටින සුරංග රංජිත සමරවීර නමැති පුද්ගලයෙක් සිදුකළ පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (12) දිනයේ කෑගල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සුසන්ත සුදර්ශන නමැති සැකකරු, අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා බවයි වාර්තා වුණේ.