මහියංගනේ බස්රථයක් හා ලොරි රථයක් අනතුරකට ලක්වෙයි

අද (08) දින සවස මහියංගනය ,ආදාඋල්පත ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් අනතුරකට ලක්වී තිබෙනවා .

කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමට ගොස් අනුනවයෙන් බේරිලා තිබෙනවා.

එහෙත් අනනතුරින් බස් රථයට හා ලොරි රථයට හානි සිදුවී ඇති අතර. ගමන් ගත් මගීන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවට වාර්තාවේ .

මේ පිලිබදව වැඩිදුර විමර්ශන රිදීමාලියැද්ද පොලීසිය විසින් සිදුකරනු ලබනවා .