Update – ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ හටගත් ගින්න පාලනය කෙරේ – ධීවර බෝට්ටු 07ක් විනාශයි

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ අද (08) පස්වරුවේ හටගත් ගින්නෙන් ධීවර බෝට්ටු හතක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස විනාශ වී ඇත්තේ භාවිතයෙන් ඉවත් කර තිබූ ධීවර බෝට්ටු බවයි දසත නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හටගැනීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ගාල්ල වරාය පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘දක්ෂිණ’ කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් ගින්න පැතිර යාම වළක්වා පාලනය කිරීමට හැකිව තිබෙනවා.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.