මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අරඹමින් පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙනවා.

අද (18) සිට එළඹෙන 22 දින දක්වා කුඹල් පෙරහැර වීථී සංචාරය කෙරෙන අතර, 23 වනදා සිට 27 වනදා දක්වා රන්දෝලි පෙරහැරද වීථී සංචාරය කිරීමට නියමිතයි.

පළමු කුඹල් පෙරහැර, අද (18) පස්වරු 06.52ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළඳා මාලිගාවෙන් ආරම්භ වී, දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළඳා මාලිගාවට ගෙවදීමට නියමිතයි.

පළමු කුඹල් පෙරහැර දැක ගැනීමට මේ වනවිටත් ජනතාව මහනුවර වීදිවලට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර පෙරහැර පවත්වන කාල සීමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව මෙවර පෙරහැර ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 6,200ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 564 දෙනෙකු යොදවා තිබෙනවා.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් 081 22 33 333 යන හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබනවා.

එමෙන්ම ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් ද පොලීසිය විසින්

ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් එම පද්ධතියට පිවිසිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39