ගංජා හේනක හිමිකරුවෙකුගෙන් ලක්ෂ 05ක අල්ලසක් ගත් පොලිසියේ සිව්දෙනාට ඇප

තණමල්විල, නිකවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එය අයත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් හතරදෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් සැරයන්වරු දෙදෙනා සහ කොස්තාපල්වරුන් දෙදෙනා අද (17) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහැර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් හතරදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30