මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කාදිනල් හිමිපාණන් කියයි

කතෝලික සභා ධර්මෝපදේශයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත්
හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසන්නේ එමඟින් මානව ගරුත්වය උල්ලංඝනය වන බවයි.

සාන්ත සභා ඉගැන්වීම තුළ කිසිදු මරණීය දණ්ඩනය පැනවීමක් සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි උන්වහන්සේගේ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි අපි පූර්ණ විශ්වාසය තබන බවත්, එහි තීරණ වලට හෝ සාකච්ජාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදහත් වීමට මේ මගින් අදහස් නොකරන බවත් අවධාරණය කරන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කතෝලික සභාව පළිගැනීම සොයා නොයන බවත්, සාන්ත දෙවන ජුවාම් පාවුළු මුනිතුමන් ප්‍රකාශ කළේ ‘ සිත් වේදනාව සහ පෞද්ගලික පළිගැනීම පරාජය කරමින් සැමවිට හදවතින් සමාව දීමට පුද්ගලයන් කැදවනු ලබන බවත් උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

6 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03