ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට පත් කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් ඊයේ (17) සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

පෞද්ගලික සහ වෘත්තීයමය හේතූන් මත මෙම තීරණය ගත් බවයි විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් වෙත යොමුකළ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත්තේ.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් මෙලෙස සුරංජිත් වෑවිට එම ධුරය සදහා පත්කර තිබෙනවා.