කංජිපානිගේ සමීපතම ඥාතියා ඝාතනයට සැකකාරියක් සහ සැකකරුවන් 04ක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ඥාතියෙක් පසුගිය 10 වනදා කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වුණේ.

ඒ, අනුව සැකකරුවෙක් සහ සැකකාරියක් මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා සන්තයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 840ක් ද දොයගෙන තිබෙනවා.

සැකකරු 21 වන වියරැ පසුවන අයෙක් වන අතර සැකකාරිය අවුරුදු 23ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (17) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අවුරුදු 19, 25 හා 28, වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ හා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 380ක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 4 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නැමැති පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15