සෙල්ෆි ගන්න ගිය දියණිය පියා සමග ඔයට බිලිවෙයි

පොළොන්නරුව තඹාල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔය අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පියෙකු සහ දියණියක දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

අද දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි දියණියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටින මෙම දැරිය පියාගේ නිවසට පැමිණී අවස්ථාවේ කුඹුක්කන් ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඇය පය ලිස්සා ඔයට වැටී ඇති අතර පියා ඇය බේරා ගැනීමට ඔයට පැන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දෙදෙනාම ජලයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා පුදූර් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙසට සේවය කරන අයෙක් බව සඳහන්.

ඔහු විවාහ දෙකක් සිදුකරගෙන සිටින අයෙක් වන අතර දියණිය මව සමග පදිංචිව සිට ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේයි.

දැරිය සහ පියා සොයා පොලිසිය ප්‍රදේශවාසීන් මෙන්ම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් නාවික හමුදා නිලධාරීන්ගේ සහ ස්වේච්ඡා කිමිදුම්කරුවන් එක්ව ක්ෂණිකව මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එහිදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ සිරුරු ඔයට වැටී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටි පරණගම ප්‍රදේශයේ තිබියදීයි හමුවී ඇත්තේ.

පොලිසිය පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථාවල ද දුම්රිය මාර්ග ජලාශ දිය ඇලි ඇතුළු අවදානම් ස්ථානවල නොසැලකිලිමත් ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමට යාවෙන් අනතුරට ලක්වී අවාසනාවන්ත ලෙසට මියයාම් වාර්තා වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර තවදුරටත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ජනතාව අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?