පන්දුවාර 20න් පන්දුවාර 10ක්‌ම ඉතිරිකර එංගලන්තය තරගය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ ද ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලු දෙන දැවී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්කය ලකුණු 125ක්.

එංගලන්තය පන්දුවාර 09යි පන්දු 04ක් පමණක් වැයකරමින් කඩුලු 02ක් දැවී එම ඉලක්කයක සපුරා ගත්තා.

ඒ අනුව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක් හිමිවුණා.