සෙල්ෆි ගන්න ගිය දියණිය පියා සමග ඔයට බිලිවෙයි

පොළොන්නරුව තඹාල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔය අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පියෙකු සහ දියණියක දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

අද දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි දියණියයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ සිටින මෙම දැරිය පියාගේ නිවසට පැමිණී අවස්ථාවේ කුඹුක්කන් ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඇය පය ලිස්සා ඔයට වැටී ඇති අතර පියා ඇය බේරා ගැනීමට ඔයට පැන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දෙදෙනාම ජලයේ සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මියගිය පුද්ගලයා පුදූර් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු ලෙසට සේවය කරන අයෙක් බව සඳහන්.

ඔහු විවාහ දෙකක් සිදුකරගෙන සිටින අයෙක් වන අතර දියණිය මව සමග පදිංචිව සිට ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේයි.

දැරිය සහ පියා සොයා පොලිසිය ප්‍රදේශවාසීන් මෙන්ම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් නාවික හමුදා නිලධාරීන්ගේ සහ ස්වේච්ඡා කිමිදුම්කරුවන් එක්ව ක්ෂණිකව මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

එහිදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ සිරුරු ඔයට වැටී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටි පරණගම ප්‍රදේශයේ තිබියදීයි හමුවී ඇත්තේ.

පොලිසිය පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථාවල ද දුම්රිය මාර්ග ජලාශ දිය ඇලි ඇතුළු අවදානම් ස්ථානවල නොසැලකිලිමත් ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමට යාවෙන් අනතුරට ලක්වී අවාසනාවන්ත ලෙසට මියයාම් වාර්තා වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර තවදුරටත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ජනතාව අවධානයෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17