සුසාන භූමියක තිබී කාන්තාවකගේ නිසල සිරුරක කොටසක් සොයාගනී

පානදුර පින්වත්ත පානදුර ප්‍රාදේශීය සභාවට අයත් සුසාන භූමියේ කාන්තාවකගේ මළ සිරුරක යට කොටස පමණක් තිබෙන බවට පින්වත්ත පොලිසියට ලද දුරකථන ඇමතුමක් මත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සුසාන භූමියේ කොන්ක්‍රීට් ලෑල්ලක් මත තිබී මෙලෙස කාන්තාවකගේ මළ සිරුරක යට කොටස හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මළ සිරුරේ කොටස කිසියම් පුද්ගලයෙක් මෙම ස්ථානයට ගෙනා දමා ඇද්ද එසේත් නොමැති නම් අකටයුත්තක් සඳහා මෙම මළ සිරුරේ කොටස මෙම සුසාන භූමියෙන් ගොඩ ගෙන ඇද්ද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted