සිසුන්ට අමුතු පාඩම් මාලාවක් කියාදුන් ගුරුවරයා අත්අඩංගුවට

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක තොරතුරු තාක්ෂණ ලැප් ටොප් පරිගණකයෙන් 12 හැවිරිදි සිසුවෙකුට ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බවට තෙල්දෙණිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එම පාසලේ 53 හැවිරිදි ගුරුවරයෙකු තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

පසුගිය 07 හා 09 දිනවල පාසල් වේලාවේ දී මෙම ගුරුවරයා තමන්ව තොරතුරු තාක්ෂණ කාමරයට රැගෙන ගොස් නිරුවත් ඡායාරූප පෙන් වූ බවට සිසුවා (15) තෙල්දෙණිය පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබිණි.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා එම පාසලේ 12 හැවිරිදි තවත් සිසුවෙකු නෙල්ලි ඇහිඳීමට කියා විදුහල්පති නේවාසිකාගාරය ආසළ ඇති කැලෑවකට රැගෙන ගොස් තිබෙන බවත් එම අවස්ථාවේ බිම තිබූ බෝතල් කටුවකට කැපී සිසුවාගේ අතකට මැහුම් තුනක් දමා තිබෙන බවත් ප්‍රකාශ කරමින් එම සිසුවාගේ මව ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ තෙල්දෙණිය පොලීසිය පාසලේ තොරතුරු තාක්ෂණ කාමරයේ ඇති ලැප් ටොප් පරිගණකය පොලිස් භාරයට ගෙන සිදුකළ පරීක්ෂාවකින් පසු අදාළ ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා තෙල්දෙණිය මඩපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාසල් සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ. සැකකටයුතු ගුරුවරයා පාසලේ තවත් සිසු සිසුවියන්ට යුතුයි අනර්ථ හෝ අපයෝජන සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57